ප්‍රචණ්‌ඩත්වය මඬින්න බැරි නම් ඌව ඡන්දය කල්දානවා
රනිල් ධර්මසේන
ඌව පළාතේ දිගින් දිගටම වැඩිවන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිසියට හා දේශපාලන පක්‍ෂවලට නොහැකි වුවහොත් ඡන්ද විමසීම කල් තැබීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර තිබේ.
මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ උද්ගතව ඇති ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමසාරිස්‌වරයා අද (07 වැනිදා) එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.
ඉන්පසුව දිස්‌ත්‍රික්‌කයේ තරග කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡා කර මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන පක්‍ෂ කාර්යාල 40 කට වැඩි ප්‍රමාණයකට මේ වනවිට හානිකර තිබේ. එමෙන්ම පහරදීම් හා බියවැද්දීම් 10 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 80 ක් ද නීති විරෝධී පක්‍ෂ කාර්යාල පිහිටුවීම පිළිබඳ පැමිණිලි 30 ක් ද නිරීක්‍ෂක සංවිධාන වෙත වාර්තා වී තිබේ.
මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු නිලධාරීන් පිරිස කලබල වැඩි වශයෙන් සිදු වූ ප්‍රදේශ ද නිරීක්‍ෂණය කිරීමට නියමිතය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com