News

මැතිවරණය නිරීක්ෂණයට රටවල් 5ක නිරීක්ෂකයන් දිවයිනට

වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා ඡුන්ද විමසීමේ නිරීක්ෂණය සඳහා රටවල් 5කින් නිරීක්ෂකයන් දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.

වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා ඡුන්ද විමසීමේ නිරීක්ෂණය සඳහා රටවල් 5කින් නිරීක්ෂකයන් දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. ඊයේ රාත‍්‍රී මෙම පිරිස දිවයිනට පැමිණි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් මැතිවරණ නිරීක්ෂකයන් මෙලෙස පැමිණ තිබෙනවා. ඔවුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා අතර සාකච්ඡුාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. මෙම පිරිසට දෙදිනක පුහුණු සැසියක් පැවැත්වෙන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

 

සමිබන්ධකය මෙතනින් - www.nethfm.com/site/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA_%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7_%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A_5%E0%B6%9A_%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7_-1--23040.html

\"\"

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com