ශිරාල් හා මෛත්‍රී ඌව ඡන්දයට එක් වෙති
අකිත පෙරේරා
එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්ද ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇත.
ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය සෙනසුරාදා සිට එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයකටම සහභාගි වී තිබේ.
ඔවුන් දෙදෙනා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ බිබිල, වැල්ලවාය, සියඹලාණ්‌ඩුව යන මැතිවරණ කොට්‌ඨාසවල පැවැති රැස්‌වීම් කිහිපයකටම සහභාගි වූ බව එජාපයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට කීය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com