මේ වසරේ ඡන්ද ලේඛනයේ නම නැතිනම් ලබන වසරේ ඡන්ද 3 කට හිමිකම් නෑ
රනිල් ධර්මසේන
නව 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය නොලබන කිසිවකුට ලබන වසරේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ තුනකට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත දිනට කලින් ලබන වසරේ පැවැත්වීමට ආණ්‌ඩුව සූදානම් වන අතර නිල
කාලය අවසන් වන පළාත් පාලන මැතිවරණය ද ලබන වසරේ පැවැත්වීමට නියමිතය.
මෙම සෑම මැතිවරණයකටම වලංගු වනුයේ 2014 නව ඡන්ද හිමි නාමලේඛණය බව ද හෙතෙම කීය.
ප්‍රතිශෝධන කටයුතු සිදුවෙමින් පවතින 2014 නව ඡන්ද හිමි නාමලේඛනය ලබන 30 වැනිදා දක්‌වා ග්‍රාම නිලධාරි කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රදර්ශනය කරන බවත් තමන්ගේ නම ඇතුළත්ව නොමැති නම් එම කාලය තුළ යළිත් ඉල්ලුම් කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.
නව ඡන්ද හිමි නාමලේඛනය ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com