ඌව දිනන සටන අදයි
ඌව පළාත් සභා මැතිවරණය 2014 සැප්තැම්බර් 20 වැනිදා, එනම් අද දින පෙ.ව. 07.00 සිට ප.ව. 04.00 දක්වා පැවැත් වේ.
මෙවර ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එම පළාතේ ඡන්දදාකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 834ක පහසුකම් සලසා ඇති අතර, එහිදී, බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 516ක් හා මොනරාගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 318ක් ලෙස එය බෙදී යයි.
ඌව පළාත් සභාවට තෝරා ගැනෙන මන්ත්‍රීවරු සංඛ්‍යාව 32ක් වන අතර, ප්‍රසාද ආසනවලින් මන්ත්‍රීවරු 2ක්ද සමග සම්පූර්ණ මන්ත්‍රීවරු 34ක් තෝරා පත් කර ගැනේ.
එහිදී, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 18ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 14ක්ද තෝරා ගැනේ.
මෙවර ඌව පළාත සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 07ක්ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් ද තරග වදිනු ලබයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 294ක් හා මොණරාගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 323ක් ඇතුළු ඌව පළාතෙන් අපේක්ෂකයන් 617 දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වී සිටිති.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com