මධ්‍යම වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 3712 මැතිවරණ රාජකාරී සඳහා හතළිස් දහසක රාජ්‍ය සේවක පිරිසක් යොදවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. සෑම ඡන්ද මධ්‍යස්ථානයකට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් දස දෙනෙකු යොදවන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.
උතුරු පළාතේ ඡන්ද මධ්‍යස්ථාන 837ක්ද මධ්‍යම පළාතේ ඡන්ද මධ්‍යස්ථාන 1571ක්ද වයඹ පළාතේ ඡන්ද මධ්‍යස්ථාන 1304ක්ද ක්‍රියාත්මක බව කී ඒ මහතා පළාත් තුනේ ඡන්දය සඳහා අපේක්ෂකයන් 3785 දෙනෙක් තරඟ කරන බව පැවැසීය.
වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා සඳහා බෝනස් මන්ත්‍රීධුර සහිතව සභිකයන් 148 දෙනෙක් තෝරා පත් කෙරෙන බවත් මධ්‍යම පළාතට සභිකයන් 58 දෙනෙක්ද උතුරු පළාතට සභිකයන් 38ක්ද වයඹට සභිකයන් 52ක්ද බැගින් තෝරා පත් කෙරෙන බවත් කී නි. කොමසාරිස්වරයා ඒ අනුව අපේක්ෂකයන් 3637 දෙනෙක් ඡන්දයෙන් පරාජයට පත් වන බව කීවේය.
පළාත් තුනේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 477 ක්‍රියාත්මක බව කී හෙතෙම උතුරු පළාතේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 82ක්ද වයඹ පළාතේ මධ්‍යස්ථාන 197ක් හා මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 198 ඒ අතර වන බව අවධාරණය කෙළේය.
සමිබන්ධකය මෙතනින් - www.dinamina.lk/2013/09/18/_art.asp / www.lakbima.lk/index.php

Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com