News

කටවුට් බැනර් ඉවත් නොකිරීමට එරෙහිව පැෆ්රල් සංවිධානය නීතිමය පියවරගැනීමට සූදානම්

පළාත් පාලන ආයතන නීති හා පරිසර නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කරන මැතිවරණ ඉලක්ක කරගත් පෝස්ටර්,බැනර් හා කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට හා පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍

පළාත් පාලන ආයතන නීති හා පරිසර නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කරන මැතිවරණ ඉලක්ක කරගත් පෝස්ටර්,බැනර් හා කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට හා පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් සංවිධානය කටයුතු යොදා ඇත.


පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ පළාත් පාලන ආයතන නීතිරීතිවලට අනුව තම බල ප්‍රදේශයන්හි ප්‍රදර්ශනය කරන ඕනෑම ප්‍රචාරක පුවරුවක් වෙනුවෙන් බදු අයකරගෙන අනුක්‍රමික අංකයක් ලබාදිය යුතු වුවත් මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක දැන්වීම්හි එවැනි කිසිදු සඳහනක් නොමැති බවයි.

විධායක අධ්‍යක්ෂතුමා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ නිසාවෙන් විශාල බදු මුදලක් රටට අහිමිවී තිඛෙන බවත් නගර අලංකරණයටද මෙය දැඩි බාධාවක් වි තිඛෙන බවත්ය. එමෙන්ම පළාත් පාලන ආයතන මෙම නීති විරෝධී ප්‍රචාරණ කටයුතුවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමද ගැටළුවක් බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එමෙන්ම පරිසර අනපණත්වලට අනුව පෝස්ටර්, බැනර් හා කටවුට්වලින් සිදුවන පරිසර හානිය සැලකිල්ලට ගනිමින් නීති විරෝධී ආකාරයට ප්‍රදර්ශනය කරන පුවරු, පෝස්ටර් හා බැනර් ඉවත්කිරීමට පොලීිසියට හැකියාවක් තිබුණද එම කටයුත්ත පොලීසිය විසින්ද සිදුකරන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ.

එහෙයින් මේ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් නීති විශාරදයින් සමග සාකච්ඡා කොට ඉදිරි සතිය තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com