නැ\'හිර සබේ ගුටි කෙළියක්
නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු විය.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාව හා ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මෙය සම්මත කර ගැනීමට ඡන්දය ලබා දීමට කාලයක් අවශ්‍ය බව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරු පස් දෙනා පැවසූහ. ඉන් පසු සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය සභාව රාත්‍රී අට දක්වා කල් තැබීය.
ඊට විරෝධය පළ කළ දෙමළ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කේ නැරෙයිරාජා සිංහම් මහතා සෙන්කෝලය පැහැර ගැනීමට යෑමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සෙන්කෝලය බේරා ගැනීමට උත්සාහ කළේය.
ඉන් පසු සභාව අඟහරුවාදා තෙක් කල් තැබිණි.
අනතුරුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට එද්දී ගුටි බැට හුවමාරුවක් සිදු විය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com