ජනපතිවරණයේදී පොලිසිය අතට ගන්න ලොක්‌කෙක් දත කයි!
මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස් නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.
මැතිවරණයේදී පොලිස්‌පතිවරයාගේ කාර්යභාරය සියතට ගැනීමට මෙම නිලධාරියා දැඩි උත්සාහයක නිරත වන බව ද වාර්තා වෙයි. මෙම නිලධාරියා පළාත් මට්‌ටමින් පොලිස් නිලධාරීන් කැඳවා රැස්‌වීම් පවත්වමින් මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් ලබාදෙන බව වාර්තා වෙයි.
එම රැස්‌වීම් සඳහා පොලිස්‌පතිවරයා සහභාගි කර නොගැනීමට ද මෙම නිලධාරියා කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නීතිගරුක නිලධාරීන් පවසන්නේ මෙම නිලධාරියා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවයි. මොහුගේ ක්‍රියාකලාපය නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව ද වාර්තා වෙයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com