News

ටී.එන්.ඒ. අපේක්ෂීකා ආනන්දිගේ නිවසට මැර ප්‍රහාරයක්

කැෆේ සහ පැෆ්රල් සංවිධානවල නියෝජිතයන්ද තුවාල ලැබූවන් අතර වෙයි.

\"\"

දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මැතිවරණ අපේක්ෂීකා ආනන්දි ශෂිධරන් මහත්මියගේ නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(19) රාත්‍රී 12.00 ට පමණ පැමිණි පිරිසක් විසින් පහරදීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

එම ස්ථානයට පැමිණි මැතිවරණ නිරීක්ෂකයින් පිරිසකට ද ප්‍රහාර එල්ල වී ඇති අතර පුද්ගලයින් අට දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

කැෆේ සහ පැෆ්රල් සංවිධානවල නියෝජිතයන්ද තුවාල ලැබූවන් අතර වෙයි.

එල්.ටී.ටී.ඊ ත්‍රිකුණාමලය හිටපු දේශපාලන අංශ නායක එලිලන්ගේ බිරිඳ වන ශෂිධරන් මහත්මිය මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ස්වකීය නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

ඇය පසුගියදා දිවයිනට පැමිණි මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සමඟ සාකච්ඡා කර ඇති අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ද ඉදිරිපත්වී සිටියාය.

ආරක්ෂක අංශ සාමාජිකයින් 150 ක් පමණ පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවට ඇය විසින් චෝදනා කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහෙත් අද දෙරණ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා මෙම ප්‍රහාරය හමුදා සාමාජිකයින් විසින් එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com