ජනාධිපතිවරණයේ ප්‍රචාර වැඩවලින් සා.පෙළ විභාගයට බාධා එපා මැතිවරණ කොමසාරිස් පොලිස්‌පතිට දන්වයි
දිවයින පුරා පිහිටුවන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන අසල නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවීම වැළැක්‌වීම සඳහා උපරිමයෙන් ක්‍රියාකරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම්දී ඇත.
විභාග මධ්‍යස්‌ථාන අසල ඡන්ද ප්‍රචාරක කටයුතු, මහජන රැස්‌වීම්, අත්පත්‍රිකා බෙදා හැරීම්, සංගීත සංදර්ශන, විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් හෝ රථ පෙළපාලි යැමෙන් වැළකී සිටින ලෙසට ඉදිරියේදී සියලු අපේක්‍ෂකයන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමෙන් පසු කිසිදු ආකාරයකින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු සිදුනොවිය යුතු බවට සියලුම ජනාධිපතිධුර අපේක්‍ෂකයන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් ලෙස පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණයක් ඇති කිරීම සඳහා සහාය අවශ්‍ය බවද පොලිස්‌පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්ව ඇත.
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා පැවැත්වෙන අතර අයදුම්කරුවෝ පන්ලක්‍ෂ හැත්තෑදහසකට අධික පිරිසක් ඒ සඳහා පෙනී සිටිති. දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන හාරදහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙයි.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේදී විභාග අයදුම්කරුවන්ට බාධාවක් සිදුවේද යන්න සම්බන්ධයෙන් දෙමවුපියෝද දැඩි විමසිල්ලෙන් පසු වෙති.
see more - www.divaina.com/2014/12/04/news01.html
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com