නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.
පක්ෂයේ නිල නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් පක්ෂයේ සාමාජිකයන් බහුතරය ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව කීර්ති කාරියවසම් මහතා අද බස්නාහිර පළාත් විපක්ෂ නායක කාර්යාලයයේ දී කීවේය.
පක්ෂයේ නිර්මාර්තෘ ඇන් ඇම් පෙරේරා මහතාගේ දර්ශනයට පිටින් යන ලංකා සම සමාජ පක්ෂයේ නායකයන්ගේ තනතුරු සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු සාමාජිකයන් තීරණයක් ගනු ඇතැයි ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
See more - www.lankadeepa.lk/index.php/articles/279907
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com