මාතර රැලියෙන් සජිත් කැපෙයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතරදී පැවැති ප්‍රථම ජන රැලියට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී සිටියේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් කළ දේශපාලන පක්ෂ සහ සංවිධාන 45ක් ඒකාබද්ධව ඊයේ (04දා) මේ රැලිය පවත්වනු ලැබිණි.
මේ සඳහා අදාළ දේශපාලන පක්ෂ සහ සංවිධානවල නායකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබුණද, සජිත් ප්‍රේමදාස මහතාට ඊට ආරාධනා කිරීමට සංවිධායකයන් කටයුතු කර නැත.
මේ රැලියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇත්තේ එ.ජා.ප. නායකත්ව මණ්ඩල සාමාජික සහ සන්නිවේදන බළකා ප්‍රධානී මංගල සමරවීර මහතාය. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ක්‍රියාත්මක වන සැලැසුමක ආරම්භය මේ රැලියට ආරාධනා නොකිරීම බවයි.
මීට පෙර පැවැති විපක්ෂයේ පොදු මහජන රැලිවලදී සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබීම මෙලෙස ඔහු රැලිවල කථික ලැයිස්තුවෙන්
හිතා මතා ඉවත් කිරීමට හේතු වී ඇති බවද අනාවරණය වෙයි.
See more - www.mawbima.lk/86-73962-news-detail.html
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com