රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට අලුතින් පිරිසක් බඳවාගෙන!
ප්‍රියදර්ශන ලියනගේ
ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ රහස් අංශය සඳහා දේශපාලන නිර්දේශය මත අලුතින් බඳවාගත් මුද්‍රණාල කාර්ය සහායකයන් දහදෙනකුට අධික කණ්‌ඩායමක් සේවයේ යොදවා ඇතැයි රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයිනට ඊයේ (4 දා) පැවසීය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මෙම මස දහවැනිදා වන විට නිල වශයෙන් ආරම්භ වන බව එම නිලධාරියා අනාවරණය කළේය.
රජයේ මුද්‍රණාලයේ රහස් අංශයට රාජකාරි කටයුතු සඳහා පත්කරනු ලබන්නේ වසර දෙක තුනක පළපුරුද්ද ඇති ස්‌ථිර සේවකයන් බව පවසන එම නිලධාරියා එවැනි පසුබිමක් තුළ අලුතින් බඳවා ගත් සේවකයන් කණ්‌ඩායමක් රහස්‍ය අංශයේ රාජකාරි කටයුතු සඳහා යෙදවීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌වරයාගේ කඩිනම් අවධානය යොමු කරවීමට වෘත්තීය සමිති මේ වන විටත් පියවර ගෙන ඇති බව කීය.
එමෙන්ම රහස් බෙදාහැරීම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලධාරියා එම තනතුරින් ඉවත් කර වෙනත් නිලධාරියකු පත් කිරීමට රජයේ මුද්‍රණාල පාලකයන් පියවර ගෙන ඇතැයි ද පැවසේ.
See more -www.divaina.com/2014/12/05/news07.html
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com