ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන්
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය තුළ විවිධ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිර යන චෝදනා නිසා මෙවැනි තීරණයක් ගෙන ඇත. මේ අනුව මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ යෙදී සිටින නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය නොහොත් පැෆරල් සංවිධානය ඇතුළු නිරීක්ෂණ සංවිධානවලට ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වී කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
මේ සම්බන්ධව පැෆරල් සංවිධානය ඊයේ (07දා) මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක්ද යොමු කළේය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com