செய்திகள்

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අදත් බාරදිය හැකියි

ගංවතුර ආපදා හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු බාරදීමට නොහැකිවූ නිලධාරීන් හට ඒවා අද දිනයේදී යළිත් බාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

\"\"ගංවතුර ආපදා හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් ආපසු බාරදීමට නොහැකිවූ නිලධාරීන් හට ඒවා අද දිනයේදී යළිත් බාරදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද දිනයේදී දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසා ඇත්තේ.
 
පසුගිය 23 හා 24 දෙදින ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකෙරුණු අතර පසුගිය 26 වනදා මැතිවරණ කොමසාරිස්තුමාගේ විශේෂ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී තිබුණි.

මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රජයේ සේවකයින් හට හෙට (30) දිනයේදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් සිය තැපැල් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com