செய்திகள்

ජනවාරි 4 ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

මේ වන විටත් සිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ යුහුසුළුව යෙදී සිටින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

\"\"මේ වන විටත් සිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ යුහුසුළුව යෙදී සිටින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

අබේරත්න මහතා පෙන්වාදෙන්නේ මේ වන විට එම ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු සියයට 60 කින්  පමණ අවසන් කර ඇති බවයි.

හෙට (31) දිනයෙන් ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් පරිදි එය ලබන 4 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවත් ජනවාරි 4 වන ඉරු දින විශේෂ බෙදීමේ දිනයක් වශයෙන් නම්කොට තිබෙන බවත් එදින වන විට සියළුම ඡන්ද පත්‍රිකා බෙදාදිය හැකිවෙතැයි විශ්වාස කරන බවයි තැපැල්පතිවරයා පෙන්වාදුන්නේ.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com