ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති ප්‍රදේශ කිහිපයක බෙදාහැරලා
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.
මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘතිවල ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම සළකුණු වැරදි ලෙස දක්වා ඇති අතර මෙය ඡන්දදායකයා නොමග යැවීමේ අරමුණින් සිදුකරන ලද්දක් බව පැහැදිලිවේ.
මෙලෙස ජනතාව නොමග යැවීමට විවිධ පාර්ශවයන් විසින් ගන්නා ක්‍රියාමාර්ග පැෆ්රල් සංවිධානය හෙලාදකින අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් සියලු පාර්ශවයන් වැලකීසිටිය යුතු බවයි පැෆ්රල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ.