පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.
එහි සභාපති සෝමරත්න දිසානායක මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විකාශය කෙරුණු දැන්වීම් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 50 කට පමණ ආසන්න මුදලක් රූපවාහිනී සංස්ථාව වෙත අයවිය යුතු බවයි.
එමෙන්ම එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ මෙලෙස මැතිවරණ ප්‍රචාරක දැන්වීම් නොමිලයේ විකාශනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක්ද ආරම්භකොට ඇති බවයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com