News

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ඊයේ (29) සනිටුහන් විය.

\"\"ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ඊයේ (29) සනිටුහන් විය. 

ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කරමින් හා තවත් අතිශය වැදගත් කරුණු ගණනාවක් ඇතුළත් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත විය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක්ද ප්‍රකාශ කෙරුණු අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේය. එමෙන්ම ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10 කි.

පනතට විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඡන්දය භාවිත කල අතර ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේ ස්වාධින මන්ත්‍රී අජිත් කුමාර මහතායි. ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ, ප්‍රේමලාල් ජයසේකර , ඡානක ප්‍රියන්ත බණ්ඩාර , ආචාර්ය ජගත් බාලසූරිය, කෙහෙළිය රඹුක්වැල්ල, සුසන්ත පුංචි නිලමේ, එල්ලාවල මේධානන්ද හිමි, දී.මු ජයරත්න, ප්‍රභා ගනේෂන් , .රත්නසිරි වික්‍රමනායක මන්ත්‍රීවරුන් සභා ගර්භයෙහි නොසිටියහ.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com