News

මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ  පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

එම මාධ්‍යය හමුව සඳහා පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර සණස ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය පී. කිරිවන්දෙනිය මහතාද සර්වෝදය ආයතනය නියෝජනය කරමින් දේශෝදය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කන්දගේ මහතාද පරිපාලන නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් එහි ලේකම් මංගල යාපා මහතාද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් ලයනල් ගුරුගේ මහතාද රයිට්ස් නව් ආයතනය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

එම මාධ්‍යය හමුවේදී මාර්තු 12 ප්‍රකාශනය ජනගත කිරීම උදෙසා ආරම්භ කිරීමට නියමිත මාර්තු 12 ව්‍යාපාරයේ දිවයින පුරා අත්සන් ගැනීමේ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කෙරුණු අතර එම අත්සන් ගැනීමේ ව්‍යාපාරය එළඹෙන ජූනි මස 25 වනදා සිට ජූලි මස 5 වනදා දක්වා දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි සිදුකරන බවට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටියහ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com