News

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.

පසුගිය ජූනි 25 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඇරඹුණු අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන කුරුණෑගල, වාරියපොල, ගල්ගමුව, අනුරාධපුර, මන්නාරම, යාපනය, කිලිනොච්චි, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, කාත්තන්කුඩි, කල්මුණේ , අම්පාර, මොණරාගල, බිබිල, බදුල්ල, මහියංගනය, හසලක, උඩුදුම්බර, දිගන, මහනුවර, පිළිමතලාව, කෑගල්ල, රුවන්වැල්ල, ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇඹිලිපිටිය, හම්බන්තොට, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, අලුත්ගම, බේරුවල, කලුතර හා මොරටුව යන නගර ආවරණය කල අතර අති විශාල ජනකායක් මාර්තු 12 ව්‍යාපාරය විසින් ගෙන ගිය එම වැඩපිළිවෙල අගය කරමින් සිය අත්සන් ඒ වෙත ලබාදුන්හ.

මෙලෙස ලබාගත් අත්සන් හෙට (06) දිනයේදී කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී  පැවැත්වෙන අවසන් උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි සාධනීය වෙනසක් සනිටුහන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙම වැඩපිළිවෙල හේතුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.
 
 
 
\"\"

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com