News

මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්

මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.


විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් අද (17) පොලිස්පතිවරයා වෙත යොමුකොට ඇති ලිපියක් මගින් පෙන්වාදී ඇත්තේ කලවානේදී පසුගියදා 150 ක පමණ පිරිසක් පොලීසිය හා මතභේදකාරී තත්ත්වයක් ඇතිකරගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත්තා සේම අයුතු ජනරාශිය, සැකකරු මුදාගැනීම හා එයට නායකත්වය දුන් පිරිස් සම්බන්ධයෙන්ද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම මෙවැනි තත්ත්වයන් ආරම්භයේදීම වලක්වාගැනීමෙන් ඉදිරියේදී පුරවැසියන් නීතිය අතට ගැනීමේ තත්ත්වයන් වලක්වාගත හැකි බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂකවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com