තැපැල් ඡන්දය අද සිට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (03 වැනිදා) ආරම්භ වෙයි.
අද දිනයේදී රජයේ පාසල් ගුරුවරුන් හා පොලිස් දෙපාර්ත මේන්තුවේ නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ සලසා තිබේ.
එමෙන්ම ලබන 5 හා 6 දිනවල සෙසු රාජ්‍ය අංශයේ හා ත්‍රිවිධ හමුදාවල නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකි අතර 08 වැනිදා දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලවල හා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදී තිබේ.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 566823 දෙනකු සුදුසුකම් ලබා ඇත.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයෑදුම්පත්‍ර 628925 ක් ලැබී තිබුණු අතර ඉන් 62102 ක් ප්‍රතික්‍ෂේප වී ඇත.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com