
මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ වසර තුනකින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමග මාලදිවයින් මැතිවරණ කොමිසමේ ප්‍රධානියා මෙන්ම දෙවැනියාටද මෙසේ සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.
විනිසුරුවන් පෙන්වාදී ඇත්තේ කොමසාරිස්වරු මැතිවරණ නීතිරීතිවලට අවනත නොවමින් කටයුතු කිරීම නිසා ඔවුන් අධිකරණයට අගෞරවයක් කර ඇති බවයි.
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන 22 වැනිදා පැවැත්වීමට සූදානම්ව සිටියදී මේ ආකාරයෙන් හිටපු නිලධාරීන් ඉවත් කරමින්, දින හයක් තුළ නව කොමිසාරිස්වරු පත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව පැවසෙයි.
මාලදිවයිනේ කටයුතු කරන යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පෙන්වාදී ඇත්තේ හිටපු මැතිවරණ කොමිසම විනිවිදභාවයෙන් යුතු හා විශ්වාසය තැබිය හැකි මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටි බවයි.
සමිබන්ධකය මෙතැනින් ada.lk/article/7995/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8FPlease insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com