News

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව සොයාබැලීමට කාරක සභාවක් ඉල්ලයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා

\"\"විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා අද (22) කතානායකවරයා වෙත යෝජනාවක් බාරදෙනු ලැබින.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 22 දෙනෙකුගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම යෝජනාවෙන් දක්වා ඇත්තේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම ඡන්ද අයිතිය තිබීම මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගත්තද විදේශගතව රැකියාවෙහි යෙදෙන ශ්‍රී ලාංකික පුරවැසියන් හට මෙතෙක් මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බවයි.
 
 
 
 
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com