ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩ්හි පොලිස් මුරපොළක් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 නෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කුඩා බස් රථයක් නැගී පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පොලිස් මුරපොළ ආසන්නයේදී මෙම පිපිරීම සිදුකර තිබේ.
සාමාන්‍ය වැසියන් වැඩිපිරිසක් මින් මරණයට පත්ව ඇති අතර, ළමයින් හා කාන්තාවන්ද ඒ අතර සිටින බව කියැවෙයි. එමෙන්ම පොලිස් මුරපොළේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින්ද මින් මරණයට පත්ව තිබේ.
බෝම්බය පිපිරීමත් සමග අවට වූ මෝටර් රථවලටද ගිනි ඇවිළී ඇති අතර, ඇතැම් පිරිස් එම රථ තුළම මිය ගොස් තිබේ. කෙසේ වෙතත් බෝම්බ ප්‍රහාරය නිසා 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ලබන මස පැවැත්වීමට නියමිත ඉරාක මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය මෙම ප්‍රහාරය හඳුන්වයි.
ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවකු භාර නොගත්තද, ෂියා මුස්ලිම්වරු ඉලක්කකර ගනිමින් සුන්නි අන්තවාදීහු නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කරන නිසා, මෙයද එවැනි ප්‍රහාරයක් විය හැකි බව අනුමාන කෙරෙයි.


Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com