News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අදහස් දැක්වීමට මහජනයාටත් අවස්ථාව

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

\"\"යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන මතය විමසීම සඳහා පත්කල කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

ව්‍යවස්ථා සම්පාදනයකට පෙර මහජන අදහස් විමසනු ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි. දිවයිනේ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි මෙලෙස මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර ලිපි, දුරකතන, ෆැක්ස්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන් මෙලෙස මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් ලබාදීමට සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ආදී විවිධ පාර්ශවයන්ටද ඉඩ ලබාදී ඇති බවයි ලාල් විජේනායක මහතා එම මාධ්‍යය හමුවේදී පෙන්වාදුන්නේ.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com