செய்திகள்

නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ ජනතාවගේ අදහස් විමසීම 18 දා සිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

\"\"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව එදින සිට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එම කාර්යාලය වෙත පැමිණ ලිඛිතව හෝ වාචිකව සිය යෝජනා බාරදිය හැකි බවයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත්කල කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ.

එමෙන්ම ලබන 22 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කාර්යාලය වෙත  ඕනෑම සංවිධානයකට පැමිණ සිය අදහස් හා යෝජනා දැක්විය හැකි බවයි විජේනායක මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com