News

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පැෆ්රල් ඉල්ලයි

සීමානිර්ණය කිරීමේදී ගැටලු පැනනැගී නොමැති බහුතර පළාත් පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.

\"\"සීමානිර්ණය කිරීමේදී ගැටලු පැනනැගී නොමැති බහුතර පළාත් පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානය මෙම ඉල්ලීම සිදුකර ඇති අතර  ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරගනිමින් ජනතාවට පළාත් පාලන ආයතනයන්හි තම නියෝජිතයින් තෝරාගැනීමේ ඉඩ සලසාදීම අමාත්‍යවරයාගේ වගකීමක් බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සිදුව ඇත්තේ සීමානිර්ණ කිරීමේ ගැටලු හේතුවෙන් බවට පැහැදිලි බවත් එසේ වුවත් පළාත් පාලන මැතිවරණ කඩින් කඩ කොටස් වශයෙන් පැවැත්වීම නොසුදුසු බවත් ඊටත් වඩා දීර්ඝ කාලයකින් එම මැතිවරණ කල්දැමීම බරපතල කරුණක් බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් එම ලිපියේ සදහන්කොට ඇත.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com