News

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් ලබාදීමට කොළඹ ජනතාවට තවත් අවස්ථාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් විමසීම වෙනුවෙන් වන විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ

\"\"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් විමසීම වෙනුවෙන් වන විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එළඹෙන 3,4 සහ 5 යන තෙදින කොළඹ 02 ස්ටේපල් වීදියේ විසුම්පායේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු ලේකම් කාර්යාලයේදී පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිත බවයි ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ  මහජන අදහස් ලබාදීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මෙම කමිටුව හමුවේ සිය යෝජනා ලබාදීමට හැකියාව සලසා ඇති බවට එම කමිටුව දන්වා ඇති අතර  වාචික අදහස් හෝ යෝජනා ඉදිරිපත් කිරීමේදී ලිඛිත සාරාංශයක්ද සමග පැමිණෙන ලෙස කමිටුව වැඩිදුරටත් දන්වා ඇත.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com