News

මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර සාකච්ඡාව

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.

\"\"මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් හා මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයක් ඇතිකිරීම සඳහා ගතුයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම මහාචාර්ය ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම මයන්ත දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතය.


 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com