News

පළාත් පාලන මැතිවරණයට අදාල පැෆ්රල් නඩුව ජනවාරි 30 සිට විභාග කෙරේ

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (03) සලකා බලනු ලැබීය.

\"\"පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (03) සලකා බලනු ලැබීය.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

අද දිනයේදී  මෙම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ජනවාරි මස 30 වැනිදා සිට එය විභාග කිරීමට තීරණය කලේය.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මැතිවරණ කොමිස‍මේ සභාපතිවරයා, සීමානිර්ණ කමිටුවේ සභාපතිවරයා හා නීතිපතිවරයා  මෙම පෙත්සම මගින් වග උත්තරකරුවන් වශයෙන් නම්කොට ඇත. 

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com