News

මාර්තු 12 ව්‍යාපාරයේ දෙවන තරුණ කඳවුරත් සාර්ථකව අවසන්

තරුණ නායකයින් සවිබලගැන්වීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද දෙදින කඳවුර ඊයේ (27) සාර්ථකව අවසන් කෙරින.

\"\"තරුණ නායකයින් සවිබලගැන්වීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද දෙදින කඳවුර ඊයේ (27) සාර්ථකව අවසන් කෙරින.

මෙම කඳවුර සඳහා බදුල්ල,මොණරාගල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන් රැසක් එක්වූ අතර ඔවුන් මහත් උද්‍යෝගයකින් ඊට සහභාගීවී සිටියහ.

විවිධ දේශන හා සංස්කෘතික අංග ඇතුළු වෙනත් ක්‍රියාකාරකම්ද මෙම කඳවුරේදී සිදුකල අතර සිය කුසලතා සහ දැනුම වර්ධනය කරගැනීමට මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරගෙන යන මෙවැනි දේ මහත් අගය කරන බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

මෙම දෙදින කඳවුරෙහි දේශන සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් නීතීඥ ජගත් ලියනාරච්චි හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් එක්ව සිටියහ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com