News

ඡන්ද හිමි ලියාපදිංචි පනත කඩිනමින් සංශෝධනය කරනවා - මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන්

\"\"මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් අස්සන් කෙරූ පෙත්සමක් අනුව පනත සංශෝධනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

ජාතික පුවත්පතක් අද වාර්තාකොට ඇත්තේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධිත කෙටුම්පතක් සකස් කර සියලුම දේශපාලන පක්ෂවලට යොමු කර තිබෙන බවත් දේශපාලන පක්ෂ බහුතරයක් ඊට එකඟතාව පළකර තිබෙන බවටත් මැතිවරණ කොමිසමේ සභාපවරයා විසින් පෙන්වාදී ඇති බවයි.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින 225න් වයස අවුරුදු 35ට අඩු නියෝජනයක් ඇත්තේ 14 දෙනකු බවත් ඉන් දේශපාලන පවුල්වලට සම්බන්ධ නොවන අය සිටින්නේ තිදෙනෙක් බවත් දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සිවු අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවල සහාය ලබා ගැනීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වා ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය සුරක්ෂිත කර දීමට බවයි.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com