News

මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට සමගාමීව සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු මේ වන විට සාර්ථකව දියත් කෙරෙමින් ඇත.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන  පළාත් පාලන මැතිවරණයට සමගාමීව සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත්  කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු මේ වන විට සාර්ථකව දියත් කෙරෙමින් ඇත.


ඒ යටතේ දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට රැස්වීම් පැවැත්වෙන අතර ඒ යටතේ අද පැවැත්වෙන පුත්තලම් දිස්ත්‍රික් රැස්වීමට මාර්තු 12 මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් සහභාගීවී සිටිති.

පළාත් පාලන මැතිවරණයේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුකූලව කටයුතු කරන අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීම හා  පිරිසිඳු ජනතා නියෝජිතයෙක් තෝරාපත්කරගන්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීම මෙම දීප ව්‍යප්ත දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණයි.

එම වැඩසටහන එළඹෙන මාර්තු මස 13 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com