News

සීමානිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව 17 ගැසට් කෙරේ?

කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව එළඹෙන සිකුරාදා දිනය වන විට ගැසට් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත බාරදෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යය වෙත පවසා ඇත.

\"\"කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව එළඹෙන සිකුරාදා දිනය වන විට ගැසට් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත බාරදෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යය වෙත පවසා ඇත.

ලේකම්වරයා වැඩිදුරටත් මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ වාර්තාවේ පැවති දෝෂ කිහිපයක් නිසාවෙන් එය ගැසට් කිරීම ප්‍රමාදවූ බවයි.

එමෙන්ම පැවති දෝෂ සියල්ල නිරාකරණය කිරීමෙන් අනතුරුව 17 වනදා එය ගැසට් කිරීමට මුද්‍රණයට බාරදෙන බවයි අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පවසා ඇත්තේ. 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය අධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකල අතර පසුගිය 30 වනදා එය විභාගයට ගත් අවස්ථාවේ පළාත් පාලන අමාත්‍යාංශය සහතික වූයේ මසක කාලයක් ඇතුළත දැනට සීමානිර්ණ කටයුතු අවසන් කර ගැටලු නොමැති පළාත් පාලන  ආයතනයන් ගැසට් කිරීමට කටයුතු කරන බවයි.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com