News

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව අවසන්

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරන ලද සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව හා දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (05) කලුතර දිස්ත්‍රික් සමුලුවෙන් අවසන් කෙරින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරන ලද සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව හා දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (05) කලුතර දිස්ත්‍රික් සමුලුවෙන් අවසන් කෙරින.

කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  රසික පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුලුව සඳහා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය විධායක අධ්‍යක්ෂ නීතීඥ චාමින්ද රාජකරුණා හා දේශෝදය ජාතික සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රීතිරාජ් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම දියත් කරනු ලැබූ අතර දිවයින පුරාම ජනතාවගෙන් ඊට යහපත් ප්‍රතිචාර හිමිවීම කැපීපෙනුණි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල හා කලුතර දිස්ත්‍රික්ක වල පැවති දිස්ත්‍රික් සමුලු සඳහා සහභාගීවීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේ අවසානය හෙට (07) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමාප්ති උත්සයෙන් සනිටුහන් කිරීමට නියමිතය.










 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com