News

මැතිවරණය නුදුරේදීම?

සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මස අගදී අවසන් වන බවත් නිල කාලය අවසන්වී මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය කොමිසමට හිමි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

\"\"සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මස අගදී අවසන් වන බවත් නිල කාලය අවසන්වී මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය කොමිසමට හිමි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට අදාල සීමානිර්ණ ගැසට් කිරීමේ ගැසට් නිවේදන හා සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත්වී ඇති බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මතවී ඡන්දය ප්‍රකාශ කලහොත් ඡන්දය පැවැත්වීමට දින 75 ක කාලයක් අවශ්‍ය වන බවත් පළාත් සභා ඡන්දය දින 55 ක් තුළ පැවැත්විය හැකි බවත් දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

තවද මෙවර ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් මස 31 වනදා වන විට සහතික කිරීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වාදී ඇත්තේ. 
 

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com