News

මැතිවරණ කොමිසම හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ අත්සන් තැබින.

\"\"ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ අත්සන් තැබින.

එම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධානත්වයෙන් 2018 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේදී ආසියානු කලාපයේ සියළුම රටවල මැතිවරණ දෙපාර්තමේන්තු, කොමිෂන් සභාවල නියෝජිතයින් සහ එම රටවල කි‍්‍රයාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සමුලුව ඉලක්ක කරගනිමිනි.

මේ වන විටත් පැෆ්රල් සංවිධානය ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජිකත්වය දරණු ලබන අතර ඊයේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද එක්ව සිටියේය.

ගිවිසුම අත්සන් තැබීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ විධායක අධ්‍යක්ෂ ඉචාල් සුප්‍රියාදි මහත්වරුන් විසින් සිදුකල අතර පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද ඊට සහභාගීවී සිටියහ.


 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com