News

මැතිවරණය පැවැත්වෙන දිනය අවිනිශ්චිතයි - විධායක අධ්‍යක්ෂකතුමා

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙතෙක් කිසිවකුටත් පැවසිය නොහැකි බවත් එය ඒ තරම්ම අවිනිශ්චිත බවත් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

\"\"පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙතෙක් කිසිවකුටත් පැවසිය නොහැකි බවත් එය ඒ තරම්ම අවිනිශ්චිත බවත් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ අද (18) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනයේදී පැවති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍යය හමුවට එක්වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ කාන්තා නියෝජනය ස්ථාවර කිරීම ඇතුළු සාධනීය ලක්ෂණ බොහෝමයක් මෙම මැතිවරණ ක්‍රමයේ  ඇති බවයි. 

එමෙන්ම මෙම මැතිවරණ ක්‍රමය තුළින් රටේ පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවන බවත් එයින් හැඟවෙන්නේ ජනතාවට නඩත්තු කිරීමට සිදුවන නියෝජිතයින් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවන බවයි.

එසේ වුවත් අපේක්ෂකයින්ගේ ගුණාත්මකභාවයෙහි කිසිදු වෙනසක් සිදුනොවන්නේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් ජනතාවට කිසිදු ඵලක් නොවන බවත් මැතිවරණය පැවැත්වීමට පළමුව ගුණාත්මකභාවයෙන් යුත් අපේක්ෂකයින් තෝරාගත්තේද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රටට අනාවරණය කල යුතු බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.


 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com