News

පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා

පැෆ්රල් සංවිධානය නමින් ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අපහසුතාවයට පත්කිරීම වැළැක්වීම

\"\"පැෆ්රල් සංවිධානය නමින් ව්‍යාජ ලිපි ශීර්ෂ  භාවිත කරමින් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්  අපහසුතාවයට පත්කිරීම වැළැක්වීම

පැෆ්රල් සංවිධානයේ ලිපි ශීර්ෂවල ඡායා පිටපත් භාවිත කරමින් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් අපහසුතාවයට පත්වන අයුරින් ලිපි සකස් කර විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ නමින් සමහර අපේක්ෂකයන් වෙත යවා ඇති බවට ලිඛිත සාධක සහිතව අප වෙත  වාර්තා වී තිබීම හේතුවෙන් පැෆ්රල් සංවිධානය අද නිවේදනයක් නිකුත් කලේය.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයෙන් දක්වා ඇත්තේ මීට පෙරද එක්තරා දේශපාලන පක්ෂයක් නම් කරමින් එම පක්ෂය දූෂිත අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවට  ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍යවල වැරදි වාර්තා පලව තිබූ බවයි.

එමෙන්ම පැෆ්රල් සංවිධානය මගින් කිසිවිටකත් පෞද්ගලික මට්ටමින්  එක් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රගමනයට හෝ අගතියට පත්වන ආකාරයට කටයුතු නොකරන බව අවධාරණය කරන බවත් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවරයන් සම්බන්ධයෙන් විමසාබැලීම සඳහා නීතීඥවරුන් වෙත යොමුකර ඇති බවත් එම නිවේදනයෙන් දක්වා ඇත.

තවද මෙම ව්‍යාජ ලිපි ලැබීම හරහා යම් අපේක්ෂකයෙකු අපහසුතාවයට පත්වුනි නම් ඒගැන කණගාටුව පළ කරන අතර යම් අයෙකුට එවැනි ලිපි ලැබුණහොත් කරුණාකර පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයෙන් විමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ.

පැෆ්රල් දුරකතන අංක

011- 2514441
011-2514442 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com