News

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ සිව්වන සමුලුවට සියල්ල සූදානම්

ආසියානු කලාපයේ සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි සහභාගීත්වයෙන් නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය විසින් එහි සිව්වන සමුලුව එළඹෙන 27 හා 28 දිනයන්හීදී කොළඹදී පැවැත්වීමට මේ වන විට කටයුතු

\"\"ආසියානු කලාපයේ සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි සහභාගීත්වයෙන් නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය විසින් එහි සිව්වන සමුලුව එළඹෙන 27 හා 28 දිනයන්හීදී කොළඹදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම්කොට ඇති බව නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය කියයි.

අද කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහලේකම් පැෆ්රල් විධායාක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ ආසියානු කලාපයේ රටවල්වල පවත්වනු ලබන මැතිවරණයන්හි අවම ප්‍රමිතිය පවත්වාගැනීම වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානම ආයතනය ලෙස නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය හඳුන්වාදිය හැකි බවයි.

එමෙන්ම 2012 වසරේදී තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වුණු නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ පළමු සමුලුවේදී බැංකොක් ප්‍රකාශනය එළිදැක්වුණු බවත්  2015 වසරේදී ටිමොර් ලෙස්තේ රාජ්‍යයේදී දෙවන සමුලුව පැවැත්වූ බවත් 2016 වසරේදී ඉන්දුනීසියාවේ බාලි නගරයේදී තෙවන සමුලුව පැවැත්වූ බවත්  සිව්වන සමුලුව ශ්‍රීලංකාවේදී පැවැත්වීමට එහිදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් සහභාගීවූ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින් තිදෙනා එකඟ වූ බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සමුලුව සමස්ත ආසියාකාරයේම මැතිවරණ හවුල්කාරීත්වයන් සඳහා තිබෙන ප්‍රධානතම සමුලුව බවත් සමුලුව පැවැත්වීම තුළින් බලාපොරොත්තු වන්නේ ආසියානු රටවල් අතර මැතිවරණයන්හි පවතින සාධනීය තත්ත්වයන් හුවමාරු කරගැනීම බවයි. 

තවද ආසියානුකරයේ අවම ප්‍රමිතියක් සහිතව මැතිවරණ පවත්වන්නේ කෙසේද සම්බන්ධයෙන් මෙහිදී පුලුල් ලෙස අවධානය කරන බවත් කලාපයේ ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණ ලබාදීම සිය වගකීමක් බවත්  රටවල් 47 ක් නියෝජනය කරමින් 250 ක පමණ පිරිසක් මෙම සමුලුවට සහභාගීවීමට නියමිත බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ නිරීක්ෂණ සංවිධානයන්හි කාර්යභාරය සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රශ්න නැගූවද රට තුළ ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් බොහෝ නිරීක්ෂණ සංවිධාන සාධනීය මැදිහත්වීමක් සිදුකර ඇති බවයි. 
 
 
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com