News

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ සිව්වන සමුලුව ආරම්භවේ

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ සිව්වන සමුලුව අද කොළඹදී ආරම්භ විය.

\"\"නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ සිව්වන සමුලුව අද කොළඹදී ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුලුව ආරම්භවූ අතර සමුලුව සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගීවී සිටිති.

එහිදී සමුලුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ ජනතා නිදහස , මානව හිමිකම් සහ මාධ්‍යය නිදහස ශක්තිමත් කිරීමට හැකිව තිබෙන බවයි. 

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කල හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විටත් ක්‍රියාත්මක කොට ඇති බවත්  දූෂණයෙන් තොරව අපක්ෂපාතී සාධාරණ මැතිවරණ රට තුළ පැවැත්විය හැකි වටපිටාවක් ස්වාධීන මැතිවරණ කොමිසම හරහා නිර්මාණය කර ඇති බවත්  පසුගිය කාලය පුරාවට මැතිවරණ කොමිසම විසින් අපක්ෂපාතීව සාධාරණව සිය වගකීම ඉටුකොට ඇති බවත් ජනාධිපතිතුමන් සිය කතාවේදී පෙන්වාදුන්නේය.

මෙම සමුලුවේ අරමුණ කලාපය තුළ මැතිවරණ පැවැත්වීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවර්ධන හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ආසියාව තුළ හා ඉන් ඔබ්බෙහි ද කි‍්‍රයාකාරි පාර්ශ්වකරුවන්ට බලපෑම් ඇති කළ හැකි අන්දමේ පොදු එකඟතාවලින් සමන්විත සම්මුතියක් සම්මත කර ගැනීමයි වන අතර සමුලුව අවසානයේදී කොළඹ ප්‍රකාශනයට අත්සන් තැබීමට නියමිතය. 
 
ඡායාරූපය - ජනාධිපති මාධ්‍යය අංශය 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com