News

පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණ එකම දිනයකදී පවත්වන්න

පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය එක් දිනකදී පැවැත්වීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් හා කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය එක් දිනකදී පැවැත්වීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් හා කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.


විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව අද ඉදිරිපත් කල ලිපියක් මගින් එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ නාධිපතිවරණය 2019 දෙසැම්බර් 9 වන දිනට පෙරාතුව පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගතයුතුව ඇති වටපිටාවක  නැවත වරක් පළාත් සභා මැතිවරණයද පැවැත්වීම සඳහා ඇති නීතිමය ඉඩකඩ පරීක්ෂා කිරීමට ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් උත්සහයක් ගන්නා බව වාර්තාවන බවයි.

මෙම මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙස එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ....

___________________________________________________________________________________________________________________________________________

ගරු ජනාධිපතිතුමා,     
ගරු අග‍්‍රාමාත්‍යතුමා, 
ගරු කථානායකතුමා,

2019.07.30

අතිගරු ජනාධිපතිතුමනි/ ගරු අග‍්‍රාමාත්‍යතුමනි/ ගරු කතානායකතුමනි,

ඉදිරි ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම. 

ගරු ජනාධිපතිතුමනි, ගරු අග‍්‍රාමාත්‍යතුමනි, ගරු කතානායකතුමනි ඔබ තිදෙනාම දන්නා පරිදි මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය වේ. ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් වීමට නියමිතය. එහෙත් පළාත් සභා නව මැතිවරණ ක‍්‍රමයට අනුව පවත්වන්නට අවශ්‍ය සීමා නීර්ණය අවසන් කරන්නට තවමත් අප අපොහොසත් වී ඇත. එහෙත් මේ වන විට නැවත වරක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඇති නීතිමය ඉඩකඩ පරීක්ෂා කිරීමට ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් උත්සහයක් ගන්නා බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 9 වන දිනට පෙරාතුව පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගතයුතුව ඇත.

එබැවින් අප වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් ලෙස ඔබ තිදෙනාගෙන්ම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ මෙම මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙසයි. ඒ හරහා මහජනතාවගේ මුදල් අනිසි ලෙස වැය වීම වලක්වා ගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරන ආකාරයට අවම වශයෙන් කෝටි 200 ක මුදලක් ඉතිරි කරගත හැක. එමෙන්ම එක් මැතිවරණයකින් අනතුරුව කඩිනමින් තවත් මැතිවරණයකට යාම ඒ එක් එක් මැතිවරණයේ තිබිය යුතු ස්වාධීන මහජන මතය ප‍්‍රකාශ කිරීමේ ඉඩ අහිමි වී කෘතිම දේශපාලන රැල්ලක් නිර්මාණය වීමේ හැකියාව ඇති අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවැසි යහපත් ලක්ෂණයක් නොවේ. එසේම මාස 6ක් ඇතුලත මැතිවරණ දෙකක් පැවැත්විමට ක‍්‍රියාකලහොත් එම මාස 6 කාලය තුළම ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලූම දේශපාලනඥයන් සිය මහජන කාර්යය පසෙක තබා සිය පක්ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත. එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ එදිනෙදා පැවැත්මටත් අහිතකර ලෙස බලපෑ හැකිය.

එබැවින් අප ඉතා ගෞරවයෙන් ඔබ තිදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙම මැතිවරණ දෙක එකවිට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුව තුළ සකස් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන ලෙසයි.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක


පිටපත    - මහින්ද දේශප‍්‍රිය මැතිතුමා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව
        උනන්දුවක් දක්වන සෙසු ආයතන
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com