News

සමාජ මාධ්‍ය හරහා ජනතාව තවදුරටත් දැනුවත් කරන්න - පැෆ්රල් කොමිසමෙන් ඉල්ලයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප‍්‍රකාශ වෙමින් පවතින බව අප වෙත නිරීක්ෂණය වී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප‍්‍රකාශ වෙමින් පවතින බව අප වෙත නිරීක්ෂණය වී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමුකරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන්ම ඡන්දය සලකුණු කිරීම පිළිබඳව විවිධාකාරයේ දැනුවත් කිරීම් මේ හරහා විවිධ පුද්ගලයන් විසින් සිදුකරනු  ලබන බවත් එම දැනුවත් කිරීම් වලින් සමහරක් නිවැරදිව සිදුකලද ඡන්ද දායකයන් නොමග යන ආකාරයේ දැනුවත් කිරීම්ද, මැතිවරණ කොමිසම පිළිබඳව අවිශ්වාසය ජනගත වන දැනුවත් කිරීම්ද දක්නට ලැබෙන බවත්ය.

එබැවින් විවිධ වැරදි මත සමාජ ගත වීම වැළැක්වීම සඳහා ඡන්දය භාවිතා කරන නිවැරදි ආකාරය පිළිබඳව කොමිෂන් සභාව මගින් දැනුවත් කිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසටද සිය ලිපිය මගින් විධායක අධ්‍යක්ෂකතුමන් ඉල්ලා සිටින අතර කොමිසමේ දැනුවත් කිරීමේ පණිවිඩ සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත ගෙනයාමට පැෆ්රල් සංවිධානයට දායක විය හැකි බවද තවදුරටත් එහි දක්වා ඇත.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com