News

තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන් - සමස්ථයක් ලෙස සාමකාමියි

තැපැල් ඡන්ද පළමු දිනය වන අද (01) දින සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වින.

තැපැල් ඡන්ද පළමු දිනය වන අද (01) දින සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වින. විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේ මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සදහා රාජ්‍ය සේවකයින් 659,306 සුදුසුකම් ලබා තිබූ බවයි.


සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. 

______________________________________________

ජනාධිපතිවරණය 2019

තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන් - සමස්ථයක් ලෙස සාමකාමියි

මෙවර ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම 2019 ඔක්තෝම්බර් 31 එනම් අද දින සහ නොවැම්බර් මස 01, 04, 05 සහ 07 යන දින වලදී දිවයින පුරා විසිරී ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 7900 දී පැවැත්වීමට නියමිතය. විශේෂයෙන්ම පොලිස් ස්ථාන, මැතිවරණ කාර්යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙකුත් සියළු රාජ්‍ය සේවකයින් සඳහා අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ඇත. ලබන මස 4, 5 යන දිනවලදී තැපැල් ඡෙන්දය සලකුණු කිරීමේ අවස්ථාව පොලිස් ස්ථාන, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල වල නිලධාරීන්ට හිමිවන අතර ඉහත දින වලදී යම් අයෙකුට සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන්නේ නම් ඔහු හෝ ඇය අයත් දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයේ දී සිය තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන මස 7 වන දින අවකාශය සලසා ඇත. මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා 717918 ඉල්ලූම් කර තිබුනද නිසි පරිදි අයදුම්පත් යොමු නොකර තිබූ 58601 දෙනෙකුගේ අයදුම්පත් ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් සුදුසුකම් ලබා තිබුනේ 659306 ක පිරිසකි.

තැපැල් ඡන්ද පළමු දිනය වන අද දින සමස්ථයක් ලෙස සාමකාමීව පැවති අතර අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොරොව්පතාන රුවන්වැලි විද්‍යාලයට අයත් ගුරුවරුන් පිරිසක් තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කැබතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයට ප‍්‍රවාහනය කරමින් සිටි වාහන අංක MD 7764 දරන පුද්ගලික බස්රථය අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල බස් රථයේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ රුව සහිත කුඩා පත‍්‍රිකා හමුවී ඇත.
එමෙන්ම අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය අසල පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල ආශ‍්‍රිතව අත්පත‍්‍රිකා බෙදා හැරීමේ සිදුවීමක්ද වාර්ථා විය. එසේම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස පැවති වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සවි කර තිබූ CCTV කැමරාවක් පිළිබඳව මැතිවරණ නිලධාරීන් සිය විරෝධතාවක් පලකර තිබූ අතර ඉන්පසු අදාල කැමරාව රෙද්දක් යොදා ආවරණය කිරීමෙන් පසු තැපැල් ඡන්ද කටයුතු ආරම්භ විය.

මෙයට අමතරව නිල අනන්‍යතා ලේඛන වලට අයත් නොවන රාජකාරී හැඳුනුම්පත් රැගෙන පැමිණි කීප දෙනෙකුට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදීමේ සිදුවීමක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා විය. අද දිනය තුළ වාර්තා වූ කණගාටුදායකම සිදුවීමක් වන්නේ විනයක් හා ශික්ෂණයක් තිබිය යුතු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු සලකුණු කරන ලද ඡන්ද පත‍්‍රිකා 2ක් ඡායාරූපගත කර සිය මුහුණු පොත හරහා සමාජගත කොට තිබීමයි. මැතිවරණ කොමිෂන් සභාව අවස්ථා ගණනාවකදී ඡන්දයක තිබිය යුතු රහස්‍යභාවය අනාවරණය නොකලයුතු බවට පැහැදිලිව උපදෙස් දී තිබුනද වගකීමකින් යුතුව කටයුතු කල යුතු රාජ්‍ය නිලධාරීන් මෙලෙස වගකම් විරහිතව කටයුතු කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි. මෙම තත්ත්වය නරක පූරාවාදර්ශයන් බැවින් නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය දැඩි පියවර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව අප අවධාරණය කර සිටිමු.

මෙයට,
විශ්වාසී,


රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com