News

මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් බවට පත්කරගැනීම අපේ අපේක්ෂාවයි - ජාතික සම්බන්ධීකාරක

පශ්චාත් මැතිවරණ සමය දක්වාම නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීම සිය උත්සාහය බව පැෆ්රල් සංවිධානය පවසයි.

පශ්චාත් මැතිවරණ සමය දක්වාම නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීම සිය උත්සාහය බව පැෆ්රල් සංවිධානය පවසයි.

ජනාධිපතිවරණයට අදාල දෙවන මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම වෙනුවෙන් කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා සඳහන්කොට සිටියේ තැපැල් ඡන්දය නිරීක්ෂණය කිරීමේ කටයුතු වෙනුවෙන් පැෆ්රල් සංවිධානය නිරීක්ෂකයින් 1000 ක් පමණ යෙදවූ බවයි.

එමෙන්ම ස්ථානගත නිරීක්ෂකයින්ද 3000 කගේ පුහුණුවීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් 11 වන දින වන විට එම පුහුණුවීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික සම්බන්ධීකාරකතුමා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීමට සිය දායකත්වය උපරිමයෙන් ලබාදෙමින් සිටින බවයි. 

තවද ගියවර ජනාධිපතිවරණය මෙන්ම මෙවර ජනාධිපතිවරණයේද රාජ්‍ය බලය හා දේපළ භාවිතය සැලකිය යුතු මට්ටමක පවතින බවත්  මාධ්‍යයන්හි මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු ආයතන දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි විධායක අධ්‍යක්ෂකතුමා පෙන්වාදුන්නේ. 
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com