News

ජනාධිපතිවරණය පිළිබඳ පසුවිපරම් වැඩසටහන සාර්ථකව අවසන්

පසුගිය ජනාධිපතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සමලෝචන වැඩසටහනක් අද (08) කොළඹ මැන්ඩරීනා හෝටලයේදී පැවැත්වින.

පසුගිය ජනාධිපතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සමලෝචන වැඩසටහනක් අද (08)  කොළඹ මැන්ඩරීනා හෝටලයේදී පැවැත්වින. 

මෙම සමාලෝචන වැඩසටහන සඳහා පැෆ්රල් සංවිධානය වෙනුවෙන් නිරීක්ෂණ කටයුතුවලට සහභාගීවූ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්, සම්පත් දායකයින්, ක්ෂේත්‍ර සම්බන්ධීකාරකවරුන් හා දිගුකාලීන නිරීක්ෂකයින් පිරිසක් සහභාගීවිය.

පසුගිය ජනාධිපතිවරණයේ නිදහස් හා සාධාරණ බව ආරක්ෂා කරගැනීම උදෙසා ලබාදුන් සිය දාකත්වය සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී අදහස් දැක්වූ අතර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් සාර්ථක කරගැනීම වෙනුවෙන් වන යෝජනාද මෙහිදී ඉදිරිපත් කෙරින.

මැතිවරණ කොමිසම, පොලීසිය මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධ අනෙකුත් ආයතනවල මැදිහත්වීමද මෙහිදී පැසසුමට ලක්වූ අතර පැෆ්රල් ප්‍රධාන කාර්යාලය වෙතින් නිරීක්ෂණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමෙහිලා ලබාදුන් දායකත්වය ඔවුන්ගේ විශේෂ පැසසුමට ලක්විය.

ඉදිරි මැතිවරණයන්හීදී පසුගිය ජනාධිපතිවරණයටත් වඩා පූර්ව සූදානමකින් නිරීක්ෂණ ක්‍රියාවලිය සිදුකල යුතු බවත් ඡන්දදායකයන් පවා මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මැතිවරණවල නිදහස් හා සාධාරණභාවය වෙනුවෙන් මැදිහත්වීමට කටයුතු කරන පරිසරයක් මේ වන විට නිර්මාණයවී ඇති බවත් මෙම සමාලෝචන වැඩසටහනට සහභාගීවූ පැෆ්රල් නියෝජිතයින් අවධාරණය කර සිටියහ. 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com