News

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන පැෆ්රල් යෝජනා විද්වත් කමිටුවට

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය විසින් එම කමිටුව වෙත බාරදෙන ලදී. ඒ අනුව අප විසින්  ලබාදුන් එම යෝජනා මාලාව පිළිබඳව කමිටු සාමාජිකයින් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වීම  සඳහා අද දින එනම් 2021 අප්‍රේල් 02 දින අවස්ථාව ලබාදෙන ලදි. 

මෙහිදී   ඡන්ද බලය සහ ඡනමත විචාරණය ඇතුලූ මැතිවරණ  ක‍්‍රමය, වත්කම් බැරකම් ප‍්‍රකාශ, ජාතික ලැයිස්තුව මගින් අපේක්ෂකයින් තෝරා ගැනීම, මැතිවරණ ප‍්‍රචාරක වියදම් සීමා කිරීම, කාන්තා නියෝජනය, මන්ත්‍රීවරුන් නැවත කැඳවීම, පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන, සියලු ඡන්ද දායකයන්ගේ ඡන්ද අයිතිය හා පක්ෂ ලියාපදිංචිය පාලනය කිරීම වැනි  කාරණා පිළිබඳ පුලුල් ලෙස සාකච්ඡාවට භාජනය කළ අතර බොහෝ යෝජනා කි‍්‍රයාත්මක කළ යුතු ප‍්‍රශස්ථ මට්ටමේ ඒවා බවට කමිටු සාමාජිකයන්ගේ ඇගයීමට ලක්විය. 

එකී යෝජනා ප‍්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව විශ්ලේෂණාත්මකව සාකච්ඡුාවට බඳුන් කොට වැඩිදුර තොරතුරු සති දෙකක කාලයක් ඇතුළත කොමිසම වෙත ලබාදෙන ලෙස දන්වන ලද අතර ඒ අනුව ඉදිරියේදී එම යෝජනා පිළිබඳ සාකච්ඡා කොට ලබාදීමට එකගවන ලදි.

ඉතා මිත‍්‍රශීලී ලෙස එම සාකච්ඡාව අවසන් වූ අතර ඒ පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසීමේ විද්වත් කමිටු සභාපති ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්ත, ජනාධිපති නීතීඥ නවීන් මාරපන, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න හා මහාචාර්ය ඒ සරවනන් යන මහත්ම මහත්මීන් හට අපගේ ප‍්‍රසාදය පළකර සිටිමු

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com